IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව කල්දමයි

IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව කල්දමයි

IPL තරඟාවලිය දින නියමයක් නොමැතිව කල්දමයි

ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) 2021 ක්‍රිකට් තරඟාලිය කල් දමා ඇති බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අද (03) නිවේදනය කලා.

මෙම තීරණයට බලපෑ ප්‍රධාන හේතුව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම කෝවිඩ් ආසාදනය වීම බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක කවුන්සිලය (IPLGC ) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) අතර පැවති හදිසි රැස්වීමකදී වහාම ක්‍රියාත්මක වන පරිදි IPL 2021 තරඟාවලිය කල්දැමීමට ඒකමතිකව තීරණය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩල නිලධාර්‍රින් ඇතුලු IPL තරඟාවලිය සඳහා දායකත්වය ලබාදෙන සියලුම පාර්ශ්ව වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ වන විට තරඟාවලියේ පැවැත්වීමට නියමිත තරග 56 න් 29 ක්ම ක්‍රීඩා කර අවසන් අතර අවසන් වරට ක්‍රීඩා කල තරඟය මැයි 2 වනදා පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවැත්වුනා.